මුල් ආකෘතිය වෙනස් කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි නොකර කාලයක් තිස්සේ ඉන්ධන ප්රවාහනය කල බවුසර් රථයේ රියදුරාට සහ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට උපදෙස් ලබා දුන් බව නුවරඑලිය ප්රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා පැවසීය.
කොළොන්නාවේ සිට කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථාව දක්වා ඩීසල් සහ පෙට්රල් ඉන්ධන ලීටර් 33000ක් ප්රවාහනය කරමින් තිබියදී ඉකුත් 06 වන දින හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්රදේශයෙදි එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යෑමට උත්සහ කිරිමෙදි බවුසර් රථයේ ටැංකියේ බද කොටසේ ගැටි ත්රීරෝද රථයක් අනතුරට පත් වී එම ත්රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු බරපතල ලෙස තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු හැටන් පොලිසියෙ රථවාහන අංශයේ නිළධාරින් විසින් බවුසර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන බවුසර් රථය පොලිස් භාරයට ගෙන තිබුණි.
පොලිස් භාරයේ තිබූ බවුසර් රථය නුවරඑලිය මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂණයට (08) දින යොමු කල අවස්ථාවේ බවුසර් රථය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලියකියවිලි පරික්ෂා කිරිමේදි එය ලියා පදිංචි වී ඇත්තේ කන්ටේනර් ප්රවාහනය කරන ලොරි රථයක් වශයෙන් බවට තහවුරු වී ඇත.
ලොරි රථයක් ඉන්ධන ප්රවාහන බවුසර් රථයක් වශයෙන් ලියාපදිංචි කිරිමෙදි මෝටර් රථ දෙපාර්ථමේන්තුව මගින් එම ලොරි රථයේ ප්රමිතිය පිලිබදව දැඩි ලෙස පරික්ෂාවට ලක් කරන නිසා මෙම ලොරි රථයේ අයිතිකරුවන් විසින් ඉතා සූක්ෂම ලෙස ලොරි රථයට ඉන්ධන ප්රවාහනය කිරිම සදහා ටැංකියක් සවි කර ඉන්ධන ප්රවාහනය කර ඇති බවයි.
ඉන්ධන ප්රවාහනය කරන බවුසර් රථවල ප්රමිතිය දැඩි ආරක්ෂාකාරී සහිතව තිබිය යුතු බවත්, මෙවැනි ආකාරයට ලොරි රථ කිහිපයක ටැංකි සවි කර ඉන්ධන ප්රවාහනය කිරිමට යොදාගෙන ඇති බවට එම ලොරි රථයේ රියදුරා විසින් හැටන් පොලිසියට කර ඇති ප්රකාශයක් මත ඉන්ධන ප්රවාහනය කරන බවුසර් රථ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇතිද යන්න පිලිබදව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරික්ෂණයට භාජනය කර ඉන්ධන ප්රවාහනයට යොදා ගන්නා ලෙසට හැටන් මහේස්ත්රාත් අධිකරණයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝගයක් ලබා ගන්නා ලෙසට හැටන් පොලිසියට උපදෙස් ලබා දුන් බවත්, මෙවැනි ආකාරයට ලොරි රථවලට වැංකි සවි කර ධාවනය කිරිමේදි සිදු වන අනතුරුවලට රක්ෂණ වන්දි ලබා ගැනීමේදි ගැටළු පැන නැගිය හැකි බවයි නුවරඑලිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරික්ෂකවරයා තව දුරටත් පැවසීය.


